hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 7:50



සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව නමැත්තා අධිකරණය තුළදී ඝාතනය කිරීමට අදාළ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

ඇය සමඟ කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ සගයන් බව පැවසෙන 4 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වසරේ පෙබරවාරි මස 19 වැනි දින උදෑසන අලුත්කඩේ අධිකරණ සංකීරණයේ අධිකරණය තුළදීම ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කළ අතර මෙම සැකකාරිය මාස 7කට අධික කාලයක් පොලිසියෙන් කට්ටි පනිමින් සිටියාය.