hit counter

2025 ඔක්‍තෝබර් මස 18 වන සෙනසුරාදා

2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 11:06



චීන මෝටර් රථ නිෂ්පාදක BYD සමාගම විසින් නිෂ්පාදන දෝෂ සහ බැටරි ආරක්ෂක ගැටලු මත වසර 2015 සිට 2022 දක්වා නිෂ්පාදනය කළ Tang මාලාව සහ Yuan Pro මෝටර් රථ 115,000කට වැඩි ප්‍රමාණයක් ආපසු කැඳවීමට තීරණය කර තිබෙන බව චීන වෙළඳපොළ නියාමක ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.

BYD සමාගම විසින් මාර්තු 2015 සිට ජූලි 2017 දක්වා නිෂ්පාදනය කළ Tang මාදිලියේ මෝටර් රථ 44,535ක් ආපසු කැඳවීමට අධිකාරියට යෝජනා පත්‍රයක් යවා ඇති අතර, එම මෝටර් රථවල අංග සැලසුම් (design) දෝෂ හේතුවෙන් අසාමාන්‍ය ක්‍රියාකාරිත්වයන් ඇති විය හැකි බව එහි සඳහන් වනවා.

එමෙන්ම, 2021 පෙබරවාරි සිට 2022 අගෝස්තු දක්වා නිෂ්පාදනය කළ Yuan Pro විදුලි මෝටර් රථ 71,248ක් ද බැටරි ස්ථාපන දෝෂ හේතුවෙන් ආපසු කැඳවීමට BYD සමාගම තීරණය කර තිබෙනවා.

මීට පෙර, 2025 ජනවාරි මාසයේදී BYD විසින් Fang Cheng Bao 5 plug-in hybrid off-road SUV මෝටර් රථ 6,843ක්ද ගිනි ගැනීමේ අවදානම් හේතුවෙන් ආපසු කැඳවා තිබුණා.

එමෙන්ම, 2024 සැප්තැම්බර් මාසයේදී සමාගම විසින් steering control unit හි නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් ගිනි ගැනීමේ අවදානම් ඇති බව කියා Dolphin සහ Yuan Plus විදුලි මෝටර් රථ 97,000කට අධික සංඛ්‍යාවක්ද ආපසු කැඳවා තිබුණා.

(රොයිටර් පුවත් සේවය ඇසුරිනි)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: