hit counter

2025 ඔක්‍තෝබර් මස 27 වන සඳුදා

2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 11:40



වසර 04 ක පමණ කාළයක් නවතා දමා තිබූ කුවේට් ගුවන් සේවයේ මෙරටට පැමිණීමේ ගුවන් ගමන් යළි ආරම්භ කරමින් එම ගුවන් සේවයේ ප්‍රථම මංගල ගුවන් යානය 10/27 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

ඉකුත් 2021 වසරේ දෙසැම්බර් මස 31 දින කුවේට් ගුවන් සේවයේ ගුවන් ගමන් අත්හිටුවා තිබුණි .

මෙම මංගල ගුවන් ගමන සදහා ඒ.- 320 නියෝ වර්ගයයේ ගුවන් යානයක් කුවේට් ගුවන් සේවය යොදවා තිබූ අතර , එම ගුවන් යානය 10/27 දින උදෑසන 08.40 ට කුවේට් සිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට පැමිණි අතර ජල ආචාර ( Water Salute ) පවත්වමින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පිළිගනු ලැබීය .

මෙම ගුවන් යානය තුළ මගීන් 94 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 06 දෙනෙකු පැමිණ සිටි අතර යළිත් එම ගුවන් යානය මගීන් 105 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 06 දෙනෙකු රැගෙන 10/27 දින උදෑසන 09.40 ට කටුනායක ගුවන් තොටුපොළෙන් කුවේට් සිටි බලා පිටත්ව ගියේය .

මෙම ගුවන් යානය පිළිගැනීමේ අවස්ථාවට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න , ශ්‍රී ලංකාවේ වැඩබලන කුවේට් තානාපති අල් මුහානා ඇතුළු ගුවන් සේවා ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් ද පැමිණ සහභාගී වී සිටියහ.

මින්පසුව කුවේට් ගුවන් සේවයේ ගුවන් යානා සෑම සතියකම සදුදා , බ්‍රහස්පතින්දා , සිකුරාදා සහ සෙනසුරාදා යන දින වල කුවේට් රාජ්‍යයේ කුවේට් සිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර ගමන් ගැනීමට නියමිතය .