hit counter

2025 ඔක්‍තෝබර් මස 27 වන සඳුදා

2025 ඔක්‍තෝබර් 27, ප.ව. 12:27



කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සම්බන්ධයෙන්, වරුණ රාජපක්ෂ නමැති පුද්ගලයෙකු පසුගිය දිනවල යූටියුබ් නාලිකාවක් හරහා අසත්‍ය සහ සාවද්‍ය තොරතුරු සමාජගත කළ බව නිවේදනයක් මඟින් දන්වා තිබේ.

නිවේදනයේ සඳහන් වන්නේ, මෙම අසත්‍ය ප්‍රකාශයන් හේතුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාට අපහාසයක් සිදුවී ඇති බවයි.

ඒ අනුව, සිදුවූ අලාභ සම්බන්ධයෙන් වරුණ රාජපක්ෂ මහතා වෙත එන්තරවාසියක් යොමු කර ඇති බවද නිවේදනයේ සඳහන් වේ.