2025 ඔක්‍තෝබර් 27, ප.ව. 4:43
වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව, මෙරට ප්‍රධාන විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් විසින් පිහිටුවාගෙන ඇති “මහා ජන හඬ” නැමති සංවිධානයේ ඒකරාශී වීමෙන් අද (27) කොළඹදී පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී, ඔවුන් නොවැම්බර් 21 වන දින කොළඹදී පැවැත්වීමට නියමිත මහා විරෝධතාව සඳහා සියලු පුරවැසියන්ට එක්වන ලෙස විවෘත ආරාධනයක් සිදු කළේය.
මෙම මාධ්‍ය හමුව අමතමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, “දේශපාලනිකව කෙතරම් අන්තවල සිටියත්, දෙවන ලෝක යුද්ධයේදී නාසි හිට්ලර්ට එරෙහිව ඇමරිකාව සහ රුසියාව එක්ව ලෝකයට සිදුවෙමින් තිබූ මහා විනාශය පරාජය කළ අයුරින්, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන, ජීවත්වීමේ සහ මත දැරීමේ අයිතිය සුරකින සියලු දෙනා, පක්ෂ භේදයකින් තොරව නොවැම්බර් 21 විරෝධතාවට එක්විය යුතු බවයි.
“වංචනික මාලිමා ආණ්ඩුවේ මුග්ධ පාලනයට එරෙහිව මහා ජන හඬ” යන තේමාව යටතේ පැවති මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂවල නියෝජිතයින් එක්ව සිටියහ.
කෙසේ වෙතත්, ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ කිසිදු නියෝජිතයෙකු මෙම අවස්ථාවට සහභාගී නොවීම කැපී පෙනුණි. මේ පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසීමකදී, හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේ, ඔවුන් මෙම අවස්ථාවට සහභාගී නොවුණත්, අවශ්‍යම මොහොතේදී මෙම සන්ධානය සමග සම්බන්ධ වනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.
නමුත්, සමගි ජන බලවේගය තුළ මේ සම්බන්ධයෙන් විවිධ මත පලවූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කළේ, මෙම විරෝධතාවට එක්වීම සම්බන්ධයෙන් තම පක්ෂය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. එහෙත්, එම පක්ෂයේම නියෝජ්‍ය ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැහැදිලිවම ප්‍රකාශ කළේ, තම පක්ෂය මෙම ඒකාබද්ධ විරෝධතාව සඳහා එක් නොවන බවය.
2025 ඔක්‍තෝබර් 27, ප.ව. 4:38
2025 ඔක්‍තෝබර් 27, ප.ව. 4:33
2025 ඔක්‍තෝබර් 27, ප.ව. 4:09
2025 ඔක්‍තෝබර් 27, ප.ව. 1:30
2025 ඔක්‍තෝබර් 27, ප.ව. 12:27