2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 9:19
අද (28) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අයකිරීම සඳහා අදාළවන රීතී සංශෝධනය කරමින් මෙම නව ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
සුරාබදු ආඥා පනතේ 22 වන වගන්තිය යටතේ සෑම බලපත්‍රලාභියෙකුම නියමිත දිනට හෝ එම දිනට පෙර බදු ගෙවිය යුතු බවට ප්‍රකාශයට පත්කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
නියමිත දින සිට දින 30ක් ඇතුළත ගෙවිය යුතු බද්ද හෝ ගාස්තුව සම්පූර්ණයෙන් ගෙවීමට අපහොසත් බලපත්‍රලාභීයෙකුගේ බෝතල් කිරීමේ බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බව නව ගැසට් නිවේදනයේ සඳහන් වේ.
නියමිත දින සිට දින 90ක් ඉක්මවන කාලයක් සඳහා ගෙවිය යුතු බද්ද හා ගාස්තුව සම්පූර්ණයෙන් නොගෙවා ඇති විට එම බලපත්‍රලාභියාගේ සියලු බලපත්‍ර අත්හිටුවීමට නව ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කර ඇත.
තවද මීට පෙර බලපත්‍ර අත්හිටුවීමේ කාලය මාස 6ක් දක්නා පැවති අතර එය මාස 03ක් දක්වා කෙටි කිරීමට නව ගැසට් පත්‍රය මඟින් පියවර ගෙන ඇති බව සුරාබදු දෙපර්තමේන්තුව සඳහන් කරයි.
මීට පෙර මෙම නීතිය ක්‍රියාත්මක නොවු අතර එය නව නීතියක් ලෙස හඳුන්වාදී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2025 ඔක්‍තෝබර් 28, ප.ව. 3:49
2025 ඔක්‍තෝබර් 28, ප.ව. 3:46
2025 ඔක්‍තෝබර් 28, ප.ව. 3:30
2025 ඔක්‍තෝබර් 28, ප.ව. 12:43
2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 11:19
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25