2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:05
2025 වසරේ ජනවාරි මස (01) වන දින සිට සැප්තැබ්මර් මස (30) වන දින දක්වා කාලය තුළ ජාතික ළමා රක්ෂක අධිකාරියට පැමිණිලි 7,677ක් ලැබී ඇති බව සඳහන් කරයි.
ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පනතට අදාළව පැමිණිලි 6,296ක් සහ ළමා ආරක්ෂක අධිකාරියේ පනතට අදාළ නොවන පැමිණිලි 1,381ක් වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.
ගතවූ පළමු මාස 09 තුළ ළමුන්ට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 414ක් ලැබී ඇති බවත් එම කාලය තුළ බරපතළ ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් පැමිණිලි 192ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.
පනතට අදාළව ලැබුණු පැමිණිලි අතර ස්ත්‍රී දූෂණයට සම්බන්ධ පැමිණිලි 49ක්, ළමා ශ්‍රමිකත්වය සම්බන්ධ පැමිණිලි 111ක් සහ සිගමන් යෙදවීම සම්බන්ධ පැමිණිලි 203ක් බවත් ළමා ආරක්ෂක අධිකාරී පනතට අදාළ නොවන වෙනත් පැමිණිලි අතර යොවුන් වියේ ගැබ් ගැනීම් සම්බන්ධයෙන් පැමිණිලි 62ක් ලැබී ඇත.
තවද ළමයින්ට එරෙහි සයිබර් හිංසන සම්බන්ධ පැමිණිලි 102ක්, ගෘහස්ථ හිංසනය සම්බන්ධ පැමිණිලි 38ක්, සියදිවි නසා ගැනීමට තැත් කිරීම සම්බන්ධ පැමිණිලි 13ක්, ගබ්සා කිරීම සම්බන්ධ එක් පැමිණිල්ලක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.
2025 ඔක්‍තෝබර් 29, ප.ව. 5:04
2025 ඔක්‍තෝබර් 29, ප.ව. 1:40
2025 ඔක්‍තෝබර් 29, ප.ව. 1:28
2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 10:42
2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 9:43