hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2025 නොවැම්‍බර් 01, පෙ.ව. 12:10



මත්පැන් නිෂ්පාදන ආයතන නියමිත දින සිට දින 30ක් ඇතුළත ගෙවිය යුතු බද්ද හෝ ගාස්තුව සම්පූර්ණයෙන් ගෙවීමට අපහොසත් වන්නේ නම් බලපත්‍රලාභීයෙකුගේ බෝතල් කිරීමේ බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරයි.

තවද නියමිත දින සිට දින 90ක් ඉක්මවන කාලයක් සඳහා ගෙවිය යුතු බද්ද හා ගාස්තුව සම්පූර්ණයෙන් නොගෙවා ඇති විට එම බලපත්‍රලාභියාගේ සියලුම බලපත්‍ර අත්හිටුවීමට කටයුතු කරයි.

මීට පෙර බලපත්‍ර අත්හිටුවීමේ කාලය මාස 6ක් දක්නා පැවති අතර එය මාස 03ක් දක්වා කෙටි කිරීමට පියවර ගෙන ඇති බව සුරාබදු දෙපර්තමේන්තුව සඳහන් කරයි.

මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අයකිරීම සඳහා අදාළ වන රීතී සංශෝධනය කරමින් මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගියදා නව ගැසට් නිවේදනයක් නිකුත් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: