hit counter

2025 නොවැම්‍බර් මස 03 වන සඳුදා

2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:11



මත්ද්‍රව්‍ය හා පාතා­ලය ඉදි­රි­යට පෙන්ව­මින් වත්මන් ආණ්ඩුව තිරය පිටු­පස විප­ක්ෂයේ දේශ­පා­ල­නය මර්ද­නය කර­මින් සිටින බව හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනා­රත්න පව­සයි.

කළු­ත­රදී පැවැති උත්ස­ව­ය­කින් අන­තු­රුව මධ්‍ය­යට අද­හස් දක්ව­මින් මේ බව කීවේය.
මත්ද්‍රව්‍ය හා පාතා­ලය මර්ද­නය කිරීම මාධ්‍ය සංද­ර්ශ­න­යක් ලෙස ආණ්ඩුව සිදු කර­මින් සිටින බවත් වස­රක් ඇතු­ළත ආර­ක්ෂක අංශ විසින් අල්ලා ගනු ලැබූ මත්ද්‍ර­ව්‍ය­ව­ලට සිදුවූ දේ සම්බ­න්ධ­යෙන් පැහැ­දි­ලි­තා­ව­ක් නොමැති බවත් පෙන්වා දුන්නේය.

ආණ්ඩුව පව­සන පරිදි මෙරට මත්ද්‍ර­ව්‍ය­ව­ලින් සිය­යට 10ක් අල්ලා තිබෙන්නේ නම්, දින­පතා මත්ද්‍රව්‍ය සම්බන්ධ සිදු­වීම් වාර්තා නොවන බවත් හිටපු අමා­ත්‍ය­ව­රයා කියා සිටි­යේය.
පුන­රු­දය පිළි­බඳ මහා ඝෝෂා­වක් ඇති කර­මින් පැමිණි ආණ්ඩුව මේ වන විටත් කිසිදු අංශ­ය­කින් පුන­රු­ද­යක් ඇති කිරී­මට අස­මත් වී ඇති බව ද හිටපු අමාත්‍ය රාජිත සේනා­රත්න වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: