/** * Emergency protection against huge unbounded admin child queries. */ add_filter( 'posts_request', function ( $sql, $query ) { if ( ! is_admin() ) { return $sql; } // Leave already paginated queries alone. if ( preg_match( '/\bLIMIT\b/i', $sql ) ) { return $sql; } // Only target queries retrieving post/page/attachment objects. if ( stripos( $sql, 'post_type' ) !== false && stripos( $sql, "'post'" ) !== false && stripos( $sql, "'page'" ) !== false && stripos( $sql, "'attachment'" ) !== false && stripos( $sql, 'post_date' ) !== false ) { $sql .= ' LIMIT 100'; } return $sql; }, 9999, 2 );
2022 අප්‍රේල් 22, පෙ.ව. 8:17
බටහිර ඉන්දීය කොදෙව් පිලේ එක්දින සහ විස්සයි-20 නායක කිරන් පොලාර්ඩ් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට තීරණය කර ඇති බව පෙරේදා (20) නිල වශයෙන් නිවේදනය කළා.
මේ වන විට 34 හැවිරිදි වියේ පසුවන පොලාර්ඩ් තම නිල සමාජ මාධ්‍ය ගිණුම වෙත විශේෂ වීඩියෝවක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබුණා.
කිරන් පොලාර්ඩ් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 123කදී කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් ලකුණු 2706ක් රැස්කර ඇති අතර, විස්සයි-20 ජාත්‍යන්තර තරග 101කදී ඔහු රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 1569ක්.
2007 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනාගත් පොලාර්ඩ් 2012 වසරේ විස්සයි-20 ලෝක ශූරතාව දිනාගත් කොදෙව් පිලේ සාමාජිකයකු ද වුණා.
එසේම 2016 වසරේදී කොදෙව් එක්දින සහ විස්සයි-20 නායකත්වයට පත් පොලාර්ඩ්ගේ නායකත්වය යටතේ කොදෙව්වන් ජාත්‍යන්තර තරග 61කට මුහුණදී තිබුණා.
තවද පසුගිය 2021 වසරේ ශ්‍රී ලංකා පිලේ කොදෙව් සංචාරයේදී අකිල ධනංජයට එරෙහිව එක් පන්දු වාරයක් තුළ හයේ පහර 6ක් එල්ල කරමින් එම දස්කම සිදු කළ ලොව තෙවැනි ක්‍රීඩකයා බවට පත්වීමටද පොලාර්ඩ් සමත් වුණා.
කෙසේ වෙතත් කොදෙව්වන් වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි-20 තරග සියයකට ක්‍රීඩා කළ පළමු ක්‍රීඩකයා මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ ක්‍රීඩකයන් අතර දෙවැන්නා ලෙසද (හයේ පහර 234ක්) කිරන් පොලාර්ඩ් වාර්තා අතරට එක්ව තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 6:41
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:55
2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 9:12
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:55
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:49