2025 නොවැම්‍බර් 03, ප.ව. 12:48
රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය පොලිස් නිලධාරීන්ට බාධා කරමින්, තමන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ සහෝදරියක් බව පවසමින් කළහකාරී ලෙස හැසිරුණු කාන්තාව, ලබන 10 වන දා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි 46 හැවිරිදි දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම සැකකාරිය, අද (03) දින නැවත ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.
මෝටර් රථයකින් ගමන් කරමින් සිටි මෙම කාන්තාව, රථවාහන වරදක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් විසින් නතර කිරීමට සංඥා කළ අවස්ථාවේදී, එම අණ නොතකා මෝටර් රථය ධාවනය කර තිබිණි. පසුව පොලිස් නිලධාරීන් විසින් ඇයව ලුහුබැඳ ගොස් නතර කළ අවස්ථාවේදී, ඇය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරී තිබූ අතර, එම සිදුවීම සමාජ මාධ්‍ය තුළද දැඩි කතාබහට ලක්විය.
2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25