hit counter

2025 නොවැම්‍බර් මස 09 වන ඉරිදා

2025 නොවැම්‍බර් 10, පෙ.ව. 12:13



ජනපති අනුර කුමාර දිසානායක මහතා  ඉදිරිපත්කළ සංවර්ධන අයවැය තුළ ආණ්ඩුවේ ගමන් මඟ පිළිබඳ නිරවුල්ව සඳහන් කර ඇති බවත් මෙවර අයවැය මුළු රටටම සහන ලැබුණු අයවැයක් බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.

අයවැය දෙවන වර කියවීමේ  විවාදයට එක්වෙමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

රට ඉදිරියට ගෙන යාමට නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඉදිරියට ගෙන ආ යුතු බවත්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරි ගැන්වීමට අයවැයෙන් රුපියල් බිලියන 80කට වැඩි මුදලක් වෙන්කර ඇතැයි නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.

බිඳ වැට්ටූ ආර්ථිකය අද වන විට සෑම අතින්ම ඉදිරියට ගෙනැවිත් අතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය. 

රට ඉදිරියට ගෙන යාමට නම් අපනයන විවිධාංගීකරණයකට යා යුතු බවත් 2026 අයවැයේ ඒ සම්බන්ධයෙන් පැහැදිළිව ඉදිරිපත් කර ඇතැයිද කීය.ආර්ථික වර්ධන වේගය ක්‍රමයෙන් වැඩි කර ගැනීම රජයේ ඉලක්කය බවත් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් පසුගිය වසරේ තැබූ පියවර තවත් ඉදිරියට ගෙන යාමට හැකි වූ බවද කීය. රාජ්‍ය සේවකයින් 9800කට ආසන්න සංඛ්‍යාවක් ස්ථිර කිරීමට යෝජනා වී තිබේ.

බිඳ වැටුණු සෞඛ්‍ය පද්ධතිය ගොඩ නැගීමට මෙවර අයවැයෙන් රුපියල් බිලියන 654ක් වෙන් කර ඇති බවත්, රුපියල් බිලියන 704ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර ඇතැයිද කීය.

අධ්‍යාපනයට සහ සෞඛ්‍යට මෙවර අයවැයෙන් වැඩි මුදලක් වෙන් කර තිබෙන බවද කීය. මන්ත්‍රීවරුන්ට කැබ්රථ මිලදී ගැනීම සඳහා අයවැයෙන් මුදල් වෙන් කර ඇතැයි කියමින්, විපක්ෂය අසත්‍ය ප්‍රචාර සිදුකරන බවත් පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඇප නැති ණයයි පොළී රහිත ණය පිළිබඳවද විපක්ෂය පටලවාගෙන තිබෙනවා.අපි කිව්වේ නැහැ පොළී රහිත ණය දෙනවා කියා. අපි කිව්වේ ඇප නැතිව අඩු පොළියට ණය දෙනවා කියලයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: