2025 නොවැම්‍බර් 10, පෙ.ව. 12:12
මෙවර අයවැය තුළින් සුනඛයන් ඇතුළු සත්ත්වයින්ටද සුබ සාධන කටයුතු සඳහා විශාල ප්‍රාග්ධනයක් වෙන් කොට ඇති තත්ත්වයක් යටතේ තරුණ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම සඳහා වන සුභසාධක කටයුතු සඳහා හෝ ඔවුන් දිරිමත් කිරීම සඳහා හෝ ප්‍රතිපාදන වෙන් නොකිරීම කනගාටුවට කරුණක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙයි.
දිවයින පුරා ග්‍රාමීය රෝහල්වල සිට ප්‍රාථමික සත්කාරක සේවා දක්වා පුළුල් පරාසයක් තුළ දවසේ පැය විසි හතරම, සතියෙ දවස් හතම මාසයේ දවස් තිහ ම එක දිගට සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් සිටින බවත් මෙරට ප්‍රාථමික සෞඛ්‍ය දර්ශක ජාත්‍යන්තර තලයට ගෙන ඒම සඳහා ඔවුන් විශාල කාර්යයක් ඉටුකරන නමුත් මෙවර අයවැයෙන් ඔවුන් සම්බන්ධව විශේෂ අවධානයක් යොමු නොකිරීම කනගාටුවට කරුණක් බව පෙන්වා දෙයි. අවම තරමේ එම කණ්ඩායම් සඳහා දිරාදීමනාවක් හෝ ලබාදීමට කටයුතු කළේ නම් එය අගය කළ හැකිව තිබූ බව ඔහු පෙන්වා දෙයි.
වෛද්‍යවරුන්ට සමාන අනෙකුත් ශ්‍රේණි සඳහා නිල වාහනයකට, ප්‍රවාහන දීමනා, ඇතුළු වරප්‍රසාද සහ හිමිකම් කියන නමුත් වෛද්‍යවරුන් සඳහා එවන් පහසුකම් කිසිවක් නොමැති තත්ත්වයක් යටතේ තම පුද්ගලික වාහනයෙන් රාජකාරි සඳහා පැමිණීම සිදු කරන අතර ඔවුන් වෙත ලබා දී තිබූ නිදහස් වාහන බලපත්‍රයද දැනට වසර කීපයක සිට ක්‍රියාත්මක නොවීම නිසා අලුතින් වාහනයක් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ වෛද්‍යවරුන් දැඩි ලෙස අධෛර්යට පත්වන තත්ත්වයක් දැකිය හැකි බවත් නිදහස් වාහන බලපත්‍රයක් ලබාදීම වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීම සඳහා හා ඔවුන් මෙරට තුළ රැඳී සිටීම සඳහා වන එක් උත්තේජකයක් බව ද සඳහන් කරයි.
වසර ගණනාවක සිට වෛද්‍යවරුන්ගේ වැටුප් දීමනා සම්බන්ධ විෂමතාවයන් පවතින බවත් මෙරට තුළ ජීවත් වීමට හැකි ඉහළ වැටුපක් ලබාදීමට කටයුතු නොකළහොත් ඉතිරි කාලයේදී තරුණ වෛද්‍යවරුන් සහ තරුණ විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යෑමේ ප්‍රවණතාව තවත් වේගවත් විය හැකි බවද ඔහු පවසයි. දැනට රට තුළ ක්‍රියාත්මක වන අධික බදු ප්‍රතිපත්තිය හමුවේ වෛද්‍යවරුන්ට ලැබෙන මූලික වැටුපට සාපේක්ෂව ඔවුන් විසින් ගෙවනු ලබන බදු ප්‍රමාණය ඉහළ යෑම නිසා ද රටේ ජීවත්වන වෛද්‍යවරුන් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් පුද්ගලික වෛද්‍ය සේවයේ නොයෙදීමත් මත ඇතිවන ආර්ථික උද්ධමනකාරී තත්ත්වයන් ඔවුන්ට ඍජුව බලපෑම මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවට අනර්ථයක් සිදුවිය හැකි බවද වෛද්‍ය චමල් සංජීව පවසයි.
දුරස්ථ ප්‍රදේශවල සේවය කරන බොහෝ වෛද්‍යවරු හා විශේෂඥ වෛද්‍යවරුන්ට නිල නිවාස පහසුකම් පවා නොමැති බවත් ඔවුන් තම පුද්ගලික ආදායමෙන් කොටසක් නේවාසික පහසුකම් සඳහා වියදම් කරන අතර පවුලේ සාමාජිකයන් සහ දරුවන් සඳහා සෞඛ්‍ය හා සමාජ සුභසාධක පහසුකම් පවා ලබා ගනිමින් දුෂ්කරතාවලින් පිළිම මත මෙරටට පැමිණෙන ලෙසට රට හැරගොස් හා රාජ්‍ය සේවයෙන් ඉවත්ව විදේශගත වෛද්‍යවරුන්ට ආරාධනා කළද එය ප්‍රායෝගිකව ඔප්පු කිරීමට රජය අපොහොසත්ව ඇති බව ඔවුහු වැඩිදුරටත් අවධානය කරයි.
මේ අන්දමට රජය වෘත්තියවේදීන් කෙරෙහි කුඩම්මාගේ සැලකිලි දැක්වීම තේරුම් ගත නොහැකි බවත් රජය විසින් ලබාදෙන ලද මැතිවරණ පොරොන්දු එකින් එක ඉටු නොකරන තත්ත්වයක් දැකිය හැකි බවද වෛද්‍ය චමල් සංජීව සඳහන් කරන අතර මේ සම්බන්ධව ජනාධිපතිවරයාගේ සෘජුව අවධානය යොමු විය යුතු බවද ඔහු පවසයි.
2025 නොවැම්‍බර් 10, පෙ.ව. 12:13
2025 නොවැම්‍බර් 10, පෙ.ව. 12:13
2025 නොවැම්‍බර් 10, පෙ.ව. 12:12
2025 නොවැම්‍බර් 10, පෙ.ව. 12:08
2025 නොවැම්‍බර් 10, පෙ.ව. 12:07
10-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
08-11-25
08-11-25
08-11-25
08-11-25
07-11-25
07-11-25