hit counter

2026 මාර්තු මස 20 වන සිකුරාදා

2025 නොවැම්‍බර් 10, පෙ.ව. 11:29



2025 හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ

බඳුන ශූරතාව දිනා ගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

බඳුන අවසන් තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ලකුණු 21කින් පරාජය කරමින්ය.

නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය හා හොංකොං කණ්ඩායම සමග මුලික වටයේදී පරාජයවීමත් සමග බඳුන කාණ්ඩයෙන් තරග වැදීමට සිදුවිය.

පසුගිය වසරේ ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම බඳුන ශූරතාව දිනා ගැනීමත් සමග ඔවුන් සමස්ත තරගාවලියේ 9 වන තැනට පත් විය.

තරගාවලියේදී කුවෙට් කණ්ඩායම අවසන් තරගයේදී ලකුණු 43කින් පරාජය කළ පාකිස්ථානය ශූරතාව දිනා ගත්තේය.

පාකිස්ථානය හොංකොං සික්සර්ස් තරගාවලියේ ශූරතාව දිනා ගත් 6 වන අවස්ථාව ද මෙය විය.