hit counter

2025 නොවැම්‍බර් මස 13 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්‍බර් 14, පෙ.ව. 12:09



මේ ආණ්ඩුවෙන් බැටකාපු බොහෝ පිරිසක් (21) වැනිදා නුගේගොඩට එන බවත් විපක්ෂ නියෝජනය කරන පක්ෂ බොහෝමයක් ඒ සඳහා සම්බන්ධ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

(21) වැනිදා පාරවල් වහනවා කියන එක තව එකක් බවත් ආණ්ඩුවට පණිවුඩයක් යවනවා කියන එක තව එකක් බවත් මෙම රැස්වීම ආණ්ඩුවට දැනෙන රැස්වීමක් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“21 වැනිදා රටේ ජනතාවට ආණ්ඩුව දීපු බොරු පොරොන්දු ටික, ආණ්ඩුව ජනතාවට දීපු පොරොන්දු ආණ්ඩුවට මතක් කරලා දෙන්න අපි රැස්වීමක් කරනවා. විපක්ෂය නියෝජනය කරන පක්ෂ බොහෝමයක් ඒ සඳහා සම්බන්ධ වෙනවා. එක්සත් ජාතික පක්ෂය එහි ප්‍රධාන පාර්ශවකරුවෙක්.

පහුගිය දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ජා කරා. අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ අපිත් එක්ක එකතු වන ඒ අයත් එක්ක අපි සාකච්ජා කරනවා. අද එක්සත් ජාතික පක්ෂයත් මේ රැස්වීම සාර්ථක කරගන්න, එක පැත්තකින් මේ ආණ්ඩුව නැගිට්ටවලා ආණ්ඩුවෙන් වැඩක් ගන්න. ආණ්ඩුව වැඩ කරන්න එපැයි බලයට ආවනම්.”

“මිනිස්සුන්ට වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන්න ඕන. ඒක මතක් කරලා දෙන්න අපි නුගේගොඩට එනවා. මේ ආණ්ඩුවෙන් බැටකාපු බොහෝ පිරිසක් නුගේගොඩට එනවා.”

“21 නේ.. 21ක බලමු.. පාරවල් වහනවා කියන එක තව එකක්. හැබැයි ආණ්ඩුවට පණිවුඩයක් යවනවා කියන එක තව එකක්. ආණ්ඩුවට දැනෙන්න රැස්වීමක් වෙයි. ආණ්ඩුවට දැනෙයි. පාරේ යන මගීන්ට කෙසේ වෙතත් ආණ්ඩුවට දැනෙයි.”

“පැහැදිලිවම මේ රටේ ආණ්ඩු විරෝධයක් තියෙනවා. ඒ ජනතාව නුගේගොඩට එනවා. ඒක ආණ්ඩුවට මොන හේතුවක් මත මොන බලපෑම් කරත් ඒක නවත්වන්න බෑ. ආණ්ඩුව ඒකත් මතක තියාගන්න ඕන.”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: