hit counter

2026 මැයි මස 01 වන සිකුරාදා

2025 නොවැම්‍බර් 16, පෙ.ව. 12:04



රටට උවමනා ඩබල් කැබ් පමණක් යැයි තීන්දු කළේ කවුදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රශ්න කරයි.

ඩීසල් වාහන වෙනුවට අවම වශයෙන්ව 50%ක් විදුලි වාහන මිලට ගැනීමට කටයුතු කළ යුතුව තිබූ බව ද ඔහු පෙන්වා දෙයි.

ඒ සියල්ල නොසලකා කැබ් ගන්නේ පැලවත්ත කාර්යාලයට කෙසෙල් කැන්, හාල්, යට ඇඳුම් රැගෙන ඒමටදැයි මන්ත්‍රීවරයා විමසයි.

දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුව අමතමින් මේ බව කීය.

ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට මේ වන විට විවිධ රාජ්‍ය ආයතන හරහා වාහන ලබා දී ඇති බව ද ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් හෙතෙම කීය.