hit counter

2025 නොවැම්‍බර් මස 18 වන අඟහරුවාදා

2025 නොවැම්‍බර් 19, පෙ.ව. 12:11



වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරයෙකු පිළිම වන්දනාව යල්පැනගිය ගෝත්‍රික වැඩක් යැයි ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රකාශ කළ බව සර්වජන බලය නායක දිලිත් ජයවීර පවසයි.

“දැන් ඉන්න කැබිනට් අමාත්‍යවරයෙක් දේශපාලන වේදිකාවේ කිව්වා පිළිම වන්දනාව කියන්නේ යල්පැනගිය ගෝත්‍රික වැඩක් කියලා. මේ මතය ඔවුන් මූලධර්මයක් ලෙස විශ්වාස කරනවා.

පිළිම වන්දනාව ගෝත්‍රික වැඩක් වගේ මතයක් ඇති කරපු පිරිසක් ආණ්ඩුවේ ඉන්න කොට ඒ ඇමතිලා පොලිසියට ආරවුල විසඳන්න කිව්වාම පන්සලට පැනලා හාමුදුරුවන්ට අල්ල ගෙන ගහනවා. කාශ්‍යප හාමුදුරුවන්ට සිවුර ගලවලා ගැහුවේ.

මම කියන්නේ නෑ ඇමති ගහන්න කිව්වා කියලා. නමුත් ඇමති ගහන්න කිව්වා කියලා එයාට හිතෙනවා. එහෙම වෙන්නේ මේ රටේ සභ්‍යත්වය ගැන ඇමතිවරුන්ගේ චින්තනය නිසායි. කෙනෙකු උපතින් කිසිම කුළයකට අයිති නෑ කියන ජාතිවාදය ප්‍රතික්ෂේප කරන අහිංසක දර්ශනයකට මේ විදිහට සලකන්නේ ඇයි?

මේ රටේ නැති ජාතිවාදයක් තියෙනවා කියලා හැම තිස්සේම උත්කර්ෂයට නංවන්නේ මේ ආණ්ඩුව. ආණ්ඩුව මේ රටේ සභ්‍යත්වයට විරුද්ධව කටයුතු කරන හැම මොහොතකම ජාති ආගම් භේදයකින් තොරව මේ රටේ මිනිස්සු ආණ්ඩුවට විරුද්ධව නැගී සිටින බව හොඳට මතක තියා ගන්න.

හාමුදුරුවන්ට අල්ලං ගහලා ඒක නතර කරන්න බෑ. පිළිම වන්දනාව ගෝත්‍රිකයි කියලා බෞද්ධයන්ට විතරක් නෙමෙයි හින්දු ජනතාවටත් කතෝලික ජනතාවටත් මේ ආණ්ඩුව අපහාස කරනවා.”