2025 නොවැම්‍බර් 20, පෙ.ව. 12:09
රටේ පවතින තත්ත්වය හමුවේ ආණ්ඩුවට විරුද්ධව කතා කිරීමට අවශ්‍ය බවත් ආණ්ඩුව සිදුකරනු ලබන ජනතා විරෝධී ක්‍රියාවන් සඳහා ජනතාව පෙළ ගැස්විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.
එළැඹෙන (21) වැනිදා නුගේගොඩදී පොදුජන පෙරමුණ සහ විපක්ෂයේ පක්ෂ විසින් සංවිධානය කරනු ලබන රැලිය සඳහා තමන් සහභාගී වන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.
(21) වැනිදා රැළිය සඳහා අනිවාර්යෙන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිත බවත් සමගි ජන බලවේගය තමන් සමග සාකච්ජා නොකල බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.
සිය උපන්දිනය වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා මහනුවර දළඳා මාලිගාවට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.
2025 නොවැම්‍බර් 20, පෙ.ව. 12:30
2025 නොවැම්‍බර් 20, පෙ.ව. 12:15
2025 නොවැම්‍බර් 20, පෙ.ව. 12:11
2025 නොවැම්‍බර් 20, පෙ.ව. 12:07
2025 නොවැම්‍බර් 20, පෙ.ව. 12:06