hit counter

2025 නොවැම්‍බර් මස 20 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්‍බර් 21, පෙ.ව. 12:08



මේ වනවිට විපක්ෂයේ බලවේගය හැදීගෙන එන බවත් සියලු විපක්ෂය ඒකරාශී වෙලා මේ ආණ්ඩුවට මුහුණ දීමට අවශ්‍ය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කරයි.

වසර 76ක සාපයට වගකියන්න ඕන කියන චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කළේ,

“දැන් ඉතිං 77ට වගකියන්න වෙයි කාට හරි.”

“වඩාත් හොදයි ජනතාවගේ පැත්තෙන් හිතලා ජනතාවත් එක්ක කතා කරමින් ඉදිරියට යන එක. ඒක මේ ආණ්ඩුවෙන් අත් ඇරිලා. මේ ආණ්ඩුවේ ඒ තත්ත්වය මට පේන්නේ නෑ කරනවා කියලා.”

“අනිවාර්යෙන් දැනටම බලවේගය හැදීගෙන එනවා නේ ඉතින්. සියලු විපක්ෂය ඒකරාශී වෙලා මේ ආණ්ඩුවට මුහුණ දෙන්න ඕන.”

“මට පේන්නේ මේ ආණ්ඩුව පන්සල ගැන වැඩි විශ්වාසයක් නෑ. පන්සල, පල්ලිය, කෝවිල ගැන වැඩි විශ්වාසයක් නැතිව තමයි කටයුතු කරන්නේ.”

අභයාරාමයට පැමිණි අවස්තාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කරයි.