hit counter

2026 මාර්තු මස 15 වන ඉරිදා

2025 නොවැම්‍බර් 22, ප.ව. 4:49



අද (22) දින පෙරවරු 9.00ට පමණ පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් හා ගල් පෙරළීමෙන් අනතුරක් සිදුවිය.

මෙම අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව දෙදෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ සුන්බුන් අතර සිරව සිටි පුද්ගලයෙක් වන අතර තුවාල ලැබූ පුද්ගලයින් සිව්දෙනෙකු මේ වනවිට මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.

මෙම අනතුර හේතුවෙන් එම මාර්ගයේ ගනේතැන්න හන්දියේ සිට කඩුගන්නාව දක්වා මාර්ගය තාවකාලිකව වසා දමා ඇත.