hit counter

2026 ජූලි මස 26 වන ඉරිදා

2025 නොවැම්‍බර් 22, ප.ව. 11:28



පාකිස්ථානයේදී පැවැත්වෙන තුන්කොන් T20 තරගාවලියේ පාකිස්ථානය හමුවේදී කඩුලු 7 ක පරාජයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ අත් කර ගත්තේය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලට පන්දුවාර 20දී කඩුලු 7කට ලබා ගත්තේ ලකුණු 128ක් පමණි.

ජනිත් ලියනගේ නොදැවී ලකුණු 41ක් ද,කමිල් මිශාර ලකුණු 22ක් හා කුසල් පෙරේරා ලකුණු 25ක් ලබා ගත්තේය.

මොහොමඩ් නවාස් ලකුණු 16කට කඩුලු 3ක් දවා ගත්හ.

පිළිතුරු ලෙස පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 15.3දී කඩුලු 3කදී ලකුණු 131ක් ලබා තරගය ජය ගත්තේය.

සහිබ්සාඩා ෆර්හාන් නොදැවී ලකුණු 80යි.

ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් තරගාවලියේදී අත් කර ගත් දෙවන පරාජය ද මෙය විය. 

මීට පෙර සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ද පරාජය වුණා.