2025 නොවැම්‍බර් 24, පෙ.ව. 12:11
අස්වැසුම් ප්‍රතිලාභ සම්බන්ධයෙන් 2024 වර්ෂයේදී සිදු වූ විගණනයේ තොරතුරු කීපයක් අනාවරණය වී ඇත. ඒ අනුව අස්වැසුම් ප්‍රතිලාභ හිමිකරුවන් 43,703 දෙනා බැංකු ගිණුම් නොමැතිකම හේතුවෙන් ඔවුන්ගේ හිමිකම් ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි වූ බව වාර්තා වී ඇත.
මෙම තත්ත්වය නිසා සුදුසුකම්ලත් ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ හිමිකම් ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව අහිමි වීමේ හැකියාවක් තිබූ බව විගණනයේදී සඳහන් කර ඇත.
ගැටලුව විසඳීම සඳහා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය 2025 වර්ෂයේ ජුනි මාස අවසන් වන විට සුදුසු යාන්ත්‍රණයක් ස්ථාපිත කර ක්‍රියාත්මක කර නොතිබූ බවද විගණනයේ සඳහන් වේ.
විගණනයේ නිර්දේශ අනුව, අස්වැසුම් වැඩසටහනට අනුකූලව සුදුසුකම්ලත් පුද්ගලයන්ට ප්‍රතිලාභ සැපයීමට කටයුතු කළ යුතු අතර, බැංකු ගිණුම් විවෘත නොකළ ප්‍රතිලාභීන්ට ගිණුම් විවෘත කරවීම සඳහා පෞද්ගලිකව දැනුම් දීම් සිදුකර ඇත.
අයැදුම්පත් ද්විකරණය වීම, ප්‍රතිලාභ ප්‍රතික්ෂේප කිරීම, ප්‍රතිලාභී පවුල් විදේශගත වීම වැනි හේතු මත ගිණුම් විවෘත නොකරන පුද්ගලයන් සිටින බවද මෙම විගණනයේ සඳහන් කර ඇත.
2026 ජනවාරි 12, පෙ.ව. 12:38
2026 ජනවාරි 12, පෙ.ව. 12:29
2026 ජනවාරි 12, පෙ.ව. 12:22
2026 ජනවාරි 12, පෙ.ව. 12:21
2026 ජනවාරි 12, පෙ.ව. 12:16
12-01-26
12-01-26
11-01-26
11-01-26
11-01-26
11-01-26
11-01-26
11-01-26
11-01-26
11-01-26
10-01-26
10-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
08-01-26
08-01-26