hit counter

2026 ජනවාරි මස 18 වන ඉරිදා

2025 නොවැම්‍බර් 26, පෙ.ව. 12:02



දේශීය ආදායම් කොමසාරිස් නන්දන කුමාර මහතා සඳහන් කරන පරිදි, 2024/25 තක්සේරු වසර සඳහා ආදායම් බදු වාර්තාව මෙම මාසයේ 30 වැනිදාට පෙර අනිවාර්යයෙන් ඉදිරිපත් කරන්නැයි බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටියි.

රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළ ඔහු එහිදී තවදුරටත් පැවසූවේ, රුපියල් ලක්ෂ 12ට වඩා ආදායමක් තිබෙන අයෙකුට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තනි පුද්ගල ලිපිගොනුවක් විවෘත කර ඇති නම් ඔවුන්ද ඔන්ලයින් මඟින් තම බදු වාර්තාව ඉදිරිපත් කළ යුතු බවය.

වාර්තාව පිරවීමට ට අපහසු අයට ප්‍රාදේශීය කාර්යාල වෙත ගොස් නිලධාරියෙකුගේ උපකාරයෙන් එය නිවැරදිව පුරවා ගත හැකි බවත්, එම සේවාව සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන බවද කොමසාරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: