hit counter

2025 නොවැම්‍බර් මස 28 වන සිකුරාදා

2025 නොවැම්‍බර් 29, පෙ.ව. 12:05



දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මේ වන විට බොහෝ දෙනෙක් පීඩාවට පත් වී සිටිනවා. එලෙස පීඩාවට පත් ජනතාව කඩිනමින් මුදවා ගැනීම සඳහා මේ වන විටත් කටයුතු සම්පාදනය කරමින් පවතිනවා.

මේ අතර ආපදාවට පත් ජනතාව වෙනුවෙන් උපකාරක කරන සියලු දෙනා වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සටහනක් එකතු කර තිබෙනවා.

එතුමා එක් කළ සටහන මෙසේය.

“මේ මොහොතේ මනුෂ්‍යත්වය මුලික කර ගනිමින් කටයුතු කරන සැමට මම මගේ හිස නමා ආචාර කරමි. සැමට දළඳා හාමුදුරුවන්ගේ පිහිටත්, ආරක්‍ෂාවත් ප්‍රාර්ථනා කරමි. වර්ෂාපතයෙන් හානියට පත් අපේ ප්‍රදේශයේ අසල්වැසි ප්‍රජාවන්ට ක්ෂණික හා කෙටි කාලින අවශ්‍යතා සපුරාලීමට අපට හැකි ලෙස සහයෝගය ලබා දෙමු. අප සැමගේ බලාපොරොත්තු බිඳ වැටී ඇති මෙවැනි අවස්ථාවක වුව ද ඔබ ද ආරක්ෂා වෙමින්, හැකි අයුරින් අනෙකා වෙනුවෙන් ඔබගේ විශ්වාසයේ දෑත් දිගු කරන ලෙස මම ඉල්ලා සිටිමි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: