hit counter

2025 දෙසැම්‍බර් මස 02 වන අඟහරුවාදා

2025 දෙසැම්‍බර් 03, පෙ.ව. 12:08



වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ වහා ම ආපදා කළමනාකරණ ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ දක්ෂ හමුදා නිලධාරියා ඉවත් කොට සිය පක්ෂයේ හිතවෙතකු ඒ සඳහා පත්කර ගත් බව ජ්‍යේෂඨ මාධ්‍ය වේදී උවිඳු කුරුකුලසූරිය පවසයි.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ එය වැරදි බව තමන් පෙන්වා දුන් පසු එය ගැසට්ටුව ආපසු කැඳවුව ද නැවත මාස තුනකින් ඔහුගේ නිල කාලය අවසන් වූ පසු ආණ්ඩුවේ හිතවතා අදාළ තනතුරට පත්කර ගත් බවයි.

“ඩිසාස්ට මැනේජ්මන්ට්: උඹට ගෙදර ඉන්නත් බැරි වෙනවා කියල අනුර අත්සන් කරපු කැබිනට් පේප එක අකුල ගත්තා!
මගේ පෝස්ට් එකට විග්‍රහ ලියන අය දැන ගන්න ඕන දෙයක් තියෙනව;
1. හු|ත්තො’ කියන වචනෙ ලිව්වෙ ජනාධිපතිටම නෙමෙයි – චුරු චුරු ගගා වැලලෙන හැමෝටම කියන එක. ඒ වචනෙ සන්දරභයේ තියල මම ලියපු වාක්‍ය කීපය නැවත කියව ගන්න. සිංහල මහාචාර්ය කෙනෙක්ගෙන්වත් අහගන්න ඒක.
2. මම එහෙම ජනාධිපතිටම ඇමතුවත් ප්‍රශ්නයකුත් නැහැ. ඇමරිකාවෙ ජනාධිපතිලට, එංගලන්තෙ රජතුමාට එහෙම කොච්චර නරක විදියට තිත්ත කුණුහරපෙන් ප්‍රසිද්ධියේ බණිනවද මාධ්‍ය වලත්, මිනිස්සු අසරණ උනාම. ගූගල් කරලවත් බලාගන්න ඒව.
3. ජනාධිපති කෙනෙක් දත්ත නැහැ කියල ප්‍රසිද්ධියේ කියන කොට ඒ තරම් ගොං පාට් එකක් තව තියෙනවද? අනික මේ ව්‍යසනයේ දත්ත නැති එකට ඡායා කැබිනට් කතාව අදාල වෙන්නෙ කොහොමද කියල අහන අයට කියන්න තියෙන්නෙ – මේ ආණ්ඩුව එහෙම ඇමතියෙක් දාලවත්, ඒව ගැන පෙර සූදානමක්වත් නැතුව හිටිය නිසා තමා ඒ දැනුම මේ අයට නැත්තෙ කියන එක.
4. මම ඉස්සරත් ප්‍රසිද්ධියෙ ලියල තියෙන එකක්. ඒ තමා, මගෙ අයිය, ඒ කියන්නෙ මගෙ අම්මගෙ අක්කගෙ පුතා – ආමි ලොක්කෙක් වෙච්ච උදය හේරත් තමා රනිල්ගෙ ආණ්ඩු කාලෙ ආපදා කළමණාකරන ආයතනයේ ලොක්ක කරල තිබ්බෙ. මේ ආණ්ඩුව ආවම ගිය අවුරුද්දෙ මාර්තු මාසෙ වෙනකන් දීල තිබ්බ උගේ පත්වීම මාස තුනකට කලින් අහෝසි කරන්න ගියා. අයින් වෙන්න කියල කටින් කියල, ජාතික ජන බලවේගයට සපෝට් කරපු – ඒත් ආමි ලොක්කෙක්ව දාන්න. ඒ අලුතින් පත් කරන්න ගිය කෙනා මගේ අයිය සේවයේ ඉන්න කොටම ඒ කාර්යයාලයට ඇවිත් එතන සේවක සේවාකාවන්ව අමතල තිබ්බ, එයා තමා ඊ ළගට ඒ තනතුරට එන්නෙ කියල. මගේ මසිය ඉල්ලා අස්වීමේ ලියුම ලියල ඒකෙ කොපියක් මට එව්ව ඒ ප්රී මැචුවලි අයින් කරන්න යන එක ගැන. මම විස්තරේ අහගෙන කිව්ව හිටපං පොඩ්ඩක් ලියුම යවන්න එපා කියල. මම අනුරටයි අනුර ඕන කුණුහරපයක් කියපං මූට කියල අනුරම මට යාලු කරපු යාලුවටයි මෙසේජ් එකක් දැම්ම. ඒ වෙනකොටත් අලුත් කෙනාව පත්කරන කැබිනට් පේපර් එකට අනුර අත්සන් කරල තිබ්බෙ. ඊට පහුවදා කැබිනට් එක. මම ඇහැව්වෙ රජයේ මුදල් වියදම් කරල රට රටවල යවල ආපදා කළමණකරනය ගැන පුහුණු කරපු, කිසිම චෝදනාවක් නැති එකාව ප්‍රී මැචුවලි කට වචනෙන් යවන්නෙ ඇයි බං කියන එක විතරයි. ඒ ගමන්ම ලැදියාවන්ගේ ගැටුමත් මම හෙලිදරවු කරා. මම කිව්ව අයින් කරන්න යන එකාට ඒ තනතුර දුන්නෙ රනිල්ගෙ රොයල් කොලීජියෙ නිසා නෙමෙයි උගෙ දක්ෂකමට කියල, ඒ මගේ ලෙකු අම්මගෙ පුතා කියල. අම්මට සිරි උඹට ගෙදර ඉන්නත් බැරි ප්‍රශ්නයක් වෙන්නෙ කියල, අනුර මහ රෑ ඒ අත්සන් කරපු කැබිනට් පේප එක අවලංගු කළා. උදය අයියට එයාගෙ ඉතුරු මාස තුනත් ඉන්න දීල ගෞරවාන්විත සමු දීමක් දුන්න. එහෙමයි වැඩ වෙන්නෙ. තමන්ට වැඩ කරපු උන්ව තනතුරු වලට දාගෙන දැන් දත්ත නැහැ කිව්වම මට මල පනින්නෙ නැද්ද?
5. මම ව්‍යසන වාර්තාකරණය ගැන ජනමාධ්‍ය අයව විතරක් නෙමෙයි, ප්‍රාදේශීය ලේකම්ල, තව රජයේ නිලධාරීන් පවා පුහුණු කරල, මොඩියුල් ලියල, ගොඩක් ඒ ගැන ලියල තියෙන කෙනෙක්. තනියම දවස් තුන ගානෙ හම්බන්තෙට සිට අම්පාර දකිවා ට්‍රේන් කරල තියෙනවා සහයට ඩැනී කෙනෙකුත් නැතුව. එක දවසක් මම තනියම කාමරේදි අම්පාරෙදි ඇඩුවත් එක්ක ඇයි මම මෙහෙම මැරෙන්නෙ මේවා කියා දෙන්න කියල. දවස් තුනක් ට්‍රේන කෙනෙකුට තනියම අදින්න බැහැ. එදා රෑ අම්පාරෙ ඉන්න ඩිප්ලොමැට්ස්ල සෙට් එකක් ඇවිත් මාව එක්කගෙන ගියා පාටියකට. මම ඇදන් හිටපු සරම පිටින්මයි ගියේ. එදා තමා මම දැනගත්තෙත් කොච්චර පිටරැටියන් – ඩිප්ලොමැට්ස්ල – පිරිසක් ලංකාවෙ වැඩ කරනවද හැම දිස්ත්‍රික්කම කියලත්. [පින්තූර ඇත] කොටින්ම සුනාමි කාලෙ ෆුකට්වලට ගිහින් ලංකාවෙ තත්ත්වය ගැන දේශනාව දුන්නෙත් මම. ඒ දේශනාවත් තායිලන්තෙ අය ගහපු පොතේ තියෙනව. ඕන නම් ස්ක්‍රීන් ශොට්ස් දාන්නම්.
6. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, මම පිට කළේ මට මෙසේජ් කර කර උදව් ඉල්ලන අයගේ කෝපය.
7. මම මේ වෙලාවෙත් අසරණ අයට උදව් කරන්නෙ ජනාධිපතිගෙම බලයලත් නිලධාරීන් ලවා. එහෙම පුද්ගලිකව කතා කරල බේරගන්න ඕන වෙන්න ඕන නැහැ සිස්ටම් එක හදල තිබ්බ නම්! විෂය ගැන දන්න අය තනතුරුවලට දාල තිබ්බ නම්!”