2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 9:34
කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් , නීතිඥවරියක ඇතුළු පිරිසකට ඉතා අශෝභන සහ උද්දච්ච ආකාරයෙන් බැණ වදින හඬ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක්ව තිබේ.
අදාළ සිදුවීම සිදුව ඇත්තේ යම් ගැටලුවක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට පැමිණි පිරිසක් සහ නගරාධිපතිවරයා අතර ඇති වූ උණුසුම් සංවාදයක් අතරතුරදීය.
අදාළ හඬ පටයට අනුව, නගරාධිපතිවරයා පවසා සිටින්නේ එම අවස්ථාවේ අදාළ පැමිණිල්ල විභාග කරනු ලබන්නේ තමන් “නිල නොලත් මහේස්ත්‍රාත්වරයෙකු” ලෙස බවයි.
නීතිඥවරුන්ට පැමිණ තමන්ට බලපෑම් කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවත්, තමන්ගේ තීරණය අවසන් තීරණය බවත් ඔහු එහිදී අවධාරණය කරයි.
මෙහිදි දැඩි ලෙස කෝපයෙන් බැණ වදින නගරාධිපතිවරයා, අවසානයේ අදාළ නීතිඥවරිය ඇතුළු පිරිසට වහාම එම ස්ථානයෙන් පිටව යන ලෙස නියෝග කරනු ඇසේ.
මෙම හඬ පටය ප්‍රසිද්ධ වීමත් සමඟ බොහෝ පිරිස් නගරාධිපතිවරයාගේ හැසිරීම විවේචනය කර ඇති අතර, මහජන නියෝජිතයෙකු නීති ක්ෂේත්‍රයේ වෘත්තිකයෙකුට සහ සාමාන්‍ය ජනතාවට මෙලෙස උද්දච්ච ලෙස අමතන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටිති.
2025 දෙසැම්‍බර් 17, ප.ව. 12:12
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 10:20
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 9:09
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:35
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:29