2025 දෙසැම්‍බර් 18, ප.ව. 1:09
මෙම හැකර් කණ්ඩායම විසින් අදාළ පරිශීලකයින්ගේ ඊමේල් ලිපින, ඔවුන් වෙබ් අඩවිය තුළ සෙවූ දේවල් (Search history), නැරඹූ වීඩියෝ පිළිබඳ තොරතුරු සහ ඔවුන් සිටින ස්ථාන (Location) ඇතුළු දත්ත වාර්තා මිලියන 201ක් පමණ අත්පත් කරගෙන ඇති බව පැවසේ. මීට අමතරව, අදාළ දත්ත ප්‍රසිද්ධ නොකර සිටීම සඳහා හැකර්වරුන් විසින් Pornhub ආයතනයෙන් බිට්කොයින් (Bitcoin) මගින් කප්පම් ඉල්ලා ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත්, මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් Pornhub ආයතනය පවසා ඇත්තේ මෙය තම වෙබ් අඩවියේ පද්ධතියට එල්ල වූ සෘජු ප්‍රහාරයක් නොවන බවයි. තමන්ට දත්ත විශ්ලේෂණ සේවා සැපයූ ‘Mixpanel’ නම් බාහිර ආයතනයකට එල්ල වූ ප්‍රහාරයක් හරහා මෙම දත්ත කාන්දු වී ඇති බව ඔවුන් පෙන්වා දෙයි. එමෙන්ම, අදාළ දත්ත 2021 වසරට පෙර ඒවා බවත්, පරිශීලකයින්ගේ මුරපද (Passwords) හෝ බැංකු කාඩ්පත් තොරතුරු (Financial details) කිසිවක් හැකර්වරුන් අතට පත්ව නොමැති බවත් එම ආයතනය වැඩිදුරටත් අවධාරණය කර ඇත.
මෙම සොරකම පිටුපස සිටින බවට සැක කෙරෙන ‘ShinyHunters’ කණ්ඩායම මීට පෙරද ලොව ප්‍රකට ව්‍යාපාරික ආයතන රැසක දත්ත සොරකම් කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් බව සයිබර් ආරක්ෂක අංශ පවසයි. මෙම සිදුවීමත් සමඟ අන්තර්ජාලය භාවිතා කරන්නන් තම පෞද්ගලික තොරතුරු වෙබ් අඩවි වෙත ලබා දීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බව විශේෂඥයෝ අනතුරු අඟවති.
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:20
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:19
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:16