2022 ජූලි 20, ප.ව. 8:59
මනුදම් පිරිහෙන යුගයක ගුණදම් කැලෑවද තිබුණද අමිල සංකල්පයක් තුළින් කරුණාව දයාව සෙනෙහස රැක වරනය ආදරය මුසුකළ පෝෂදායි ගුණාත්මක රසවත් සහ උසස් තත්වයෙන් යුත් සම්පූර්ණ ආහාර වේලක් කර්නල් රවීන්ද්‍ර මීගමආරච්චි සහ ඔහු යටතේ සිටින සියලු නිලධාරීන් හා සෙසු නිලයන්ගේ දෑතින්ම සකස්කර ඔහු විසින් අණ දෙනු ලබන ඒකකයේ සහ එම රෙජිමේන්තුවේ ගර්භනී නිලධාරිනියන්ට, ගර්භනී සෙසු නිලයන්ට සහ යුධ හමුදා සාමාජිකයන්ගේ ගර්භනී භාර්යාවන්ට ළදරුවන්ගේ බඩුබාහිරාදිය දමා රැගෙන යන කූඩ සමග බෙදාදීමක් සිදු කර තිබෙනවා.
මෙහි සුවිශේෂී වනුයේ එම බත් පතෙහි රවින්ද්‍ර මීගමආරච්චි විසින් ලියන ලද සංවේදී සටහන වන අතර එය මෙසේ උපුටා දක්වමි.
“ඔබ අප පවුලේ සාමාජිකාවක් වීම අප ලද මහත් භාග්‍යයක් කොට සලකන අතර අප පවුලේ අලුත්ම බලාපොරොත්තුව මෙලොව එළිය දකින තුරු අප නොඉවසිල්ලෙන් බලා සිටින්නෙමු. ඔබට නිරෝගී දරු උපතක් වේවා!!!
-උපුටා ගැනීම අවසන්-
අතීතය පුරාවට අලුත් සංකල්ප රාශියක හිමිකාරිත්වය දරන කර්නල් රවීන්ද්‍ර මීගමආරච්චිගේ මෙම සංකල්පය බොහෝ දෙනකුගේ ඇගයීමට පාත්රවී ඇති අතර අනාගතයේදී බොහෝ පිරිස් මෙය අනුගමනය කරනුයයි නොඅනුමානය.
යුද හමුදාව පවුලක් බවත් පවුලේ ඥාතියෙකු ගර්භනී තත්ත්වයට පත්වූ විට හැකි උපරිමෙන් සකස් කරන ලද කෑම වේලක් එම තැනැත්තියට යැවීම පවුලේ යුතුකම වගකීම හා හෙළ සිරිත බවත් මේ සංකල්පය තුළින් මනාව පිළිබිඹු වනවා.
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:05