hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:19



තමන්ගේ ඉඩමක පැවති කංසා වගාවක් රත්නපුර පොලීසිය විසින් වටළා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර පවසයි.

එම පුවත ඉතාම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ෆේස්බුක් සටහනක් තබමින් ඔහු අවධාරණය කර ඇත.

මේ පිළිබඳ විමසා තමන්ට විශාල පිරිසකගෙන් දුරකථන ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් එම සටහන තබන බව ද ශාන්ත පද්මකුමාර වැඩි දුරටත් සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: