2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:16
ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය ;සිදුවන්නේ ඇමතිවරුන් හෝ රජය හෝ මත නොවන බව රාජ්‍ය ඖෂධ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය මනුජ සී. වීරසිංහ පවසයි.
වර්ෂයට අවශ්‍ය ඖෂධ ඇනවුම ඖෂධ සංස්ථාවට ලබා දීම සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීමක් බව පැහැදිලිව තේරුම්ගත යුතුව ඇතැයි ද සභාපතිවරයා පෙන්වා දෙයි.
එම ඇනවුම ඖෂධ සංස්ථාව ඔස්සේ ප්‍රසම්පාදන කාර්ය සිදුවන බව ද 2025 පැමිණි ඖෂධ ටෙන්ඩරය 2024 වසරේ ලබාදුන් එකක් බව ද කඩයකින් බඩු ගන්නා සේ බෙහෙත් ඇනවුම් ලබාගත නොහැකි බව ද වෛද්‍ය මනුර සී. වීරසිංහ ප්‍රකාශ කරයි.
ඔහු මේ බව සඳහන් කළේ, පසුගියදා භාවිතයෙන් ඉවත් කළේ වර්තමාන ආණ්ඩුව යටතේ ආනයනය කළ ඖෂධ තොග නොවේදැයි පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේ ඊට පිළිතුරු දෙමිනි.
2026 අප්‍රේල් 11, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 11, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 11, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 11, පෙ.ව. 12:16
2026 අප්‍රේල් 11, පෙ.ව. 12:15