2025 දෙසැම්‍බර් 23, ප.ව. 1:34
අද (23) ජනාධිපති ලේකම් කාර්‍යාලයේ පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සඳහන් කළේ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශ යළි ගොඩනැගීම සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් ලබාදීමට තීරණය කර ඇති බවයි.
එම පැකේජයට අමෙරිකානු ඩොලර් මිලියන 350 ක සහනධායී ණය සහ අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රදාන ඇතුළත්ව තිබේ.
එමෙන්ම ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා අද (23) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡාද පවත්වා තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඊයේ පස්වරුවේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් දිවයිනට පැමිණියේය.
’දිට්වා’ සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ සහයෝගය තවදුරටත් තහවුරු කිරීම ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සංචාරයේ අරමුණ වෙයි.
2025 දෙසැම්‍බර් 23, ප.ව. 3:34
2025 දෙසැම්‍බර් 23, ප.ව. 1:44
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 9:07
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:41
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:36