hit counter

2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා

2026 ජනවාරි 13, පෙ.ව. 11:28



දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු ව්‍යසනය කිසිදු අවස්ථාවක රජයේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට භාවිත නොකරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක ‘REBUILDING SRI LANKA’ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

ආර්ථික ව්‍යසනයකට මුහුණ දී තිබුණු රට ක්‍රමයෙන් ගොඩනැගෙමින් පවතින මොහොතක සුළි කුණාටුවට මුහුණදීමට රටට සිදුවු නමුත් ඒ තුළින් රජයට කිසිදු අවස්ථාවක ඇඟබේරා ගැනීමට අවශ්‍යතාවයක් ඇති නොවුණ බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

“අපි පොරබඳන්නේ අපි සකස් කර ඇති න්‍යාය පත්‍රය හකුළුවන්නේ නැතුව මේ ව්‍යසනයට මුහුණදෙන්නේ කොහොමද” යන්න පිළිබඳව බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

“අපිට මේ ව්‍යසනය මත බොහෝ දේවල් තියලා ඇඟබේරා ගන්න හැකියාව තිබුණා අවශ්‍ය නම්. ඉතිහාසයේ අපි එහෙම තමා ගමන් කරේ. අවුරුදු 30ක් සියලු විනාශයන් හේත්තු කළා යුද්ධයකට. එහෙමයි අපිට තිබුණේ. යම් වසංගත තත්ත්වයන් තමා මේ ව්‍යසනයේ ආවරණය බවට පත්කර ගත්තේ. අපිට කිසිදු අවශ්‍යතාවයක් තිබුණේ නෑ අපේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට මෙය භාවිත කරන්නෙ නෑ කියලා තීරණයකට ආවා.” 

මේ අතර දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 24ක් ගොදුරු බවට පත්වූ අතර, නිවාස 6,000ක් පමණ අහිමි වූ බවද සඳහන් කළ ජනාධිපතිවරයා, ආපදා හේතුවෙන් අර්ධ වශයෙන් නිවාස 110,000කට පමණ හානි සිදුවු අතර, නිවාස හානි සිදුනොවුණත් ජනතාවට අවදානම් තත්ත්වය තුළ ඉවත්වීමට දැනුම් දී ඇති නිවාස 10,000ක් පමණ හඳුනාගෙන ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: