2026 ජනවාරි 13, පෙ.ව. 11:43
ලාල්කාන්ත අමාත්‍යවරයා සිය දේශපාලන ගමන ආරම්භ කළේත්, හැදී වැඩුණේත් පන්සලේ ඉතිරි වූ දානය ආහාරයට ගනිමින් බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි පවසනවා.
ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ, නමුත් අද වන විට ලාල්කාන්ත අමාත්‍යවරයා මහා සංඝරත්නයට අපහාසාත්මක ලෙස බැණ වැදීම අතිශය කණගාටුදායකවන බවයි.
2019 වසරේ ආරම්භ වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වසර දහයක පමණ කාලයක් තිස්සේ ගුරුවරුන්, ආගමික නායකයන් සහ විශේෂඥයන් සමඟ සාකච්ඡා කරමින් ක්‍රමිකව සිදුවිය යුත්තක් බව උන්වහන්සේ පෙන්වාදෙනවා.
නමුත් වත්මන් රජය කිසිදු පුළුල් සංවාදයකින් තොරව, අකාලයේ උපන් අංගවිකල දරුවෙකු මෙන් මෙම ප්‍රතිසංස්කරණ කඩිමුඩියේ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බව උන්වහන්සේ පැවසුවා.
එමෙන්ම අධ්‍යාපනය සඳහා QR කෝඩ් (QR Code) හඳුන්වා දීම හරහා පාසල් දරුවන්ට ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය නීත්‍යානුකූල කිරීමට රජය සැරසෙන බවත්, මෙය ග්‍රාමීය දරුවන්ට කරන අසාධාරණයක් බවත් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි අවධාරණය කළා.
“තනි රූල් පොතක් අරන් දෙන්න වත්කමක් නැති ග්‍රාමීය දෙමව්පියන්ගෙන් දරුවන්ට ස්මාර්ට් ෆෝන් ඉල්ලන්නේ ඇයි? අගමැතිවරිය ජීවත් වෙන්නේ එන්ජීඕ (NGO) ග්‍රහලෝකාගාරයක නිසා ඇයට මේ රටේ පොළොවේ ඇත්ත තත්ත්වය සහ ගුණ සුවඳ දැනෙන්නේ නැහැ.”
ජනාධිපතිවරයා මහා නායක හිමිවරුන් බැහැදැක වැඳ නමස්කාර කර එන අතරතුර, ලාල්කාන්ත අමාත්‍යවරයා ලවා මහා සංඝරත්නයට ප්‍රසිද්ධියේ අපහාස කරවීම රජයේ පිළිවෙතදැයි උන්වහන්සේ ප්‍රශ්න කළා.
විශේෂයෙන්ම මිහින්තලේ නායක හිමියන්ට එල්ල කළ අපහාසය සමස්ත මහා සංඝරත්නයටම කළ අවමානයක් ලෙස සලකන බව ආනන්ද සාගර හිමියන් පැවසුවා.
කේසේවෙතත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දේශපාලන පක්ෂයකට හෝ ආණ්ඩුවකට වාසි වන ලෙස නොව, රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් විධිමත්ව සිදුවිය යුතු බව උන්වහන්සේ පවසා සිටියා.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ උගතුන් සමඟ මධ්‍යස්ථව සාකච්ඡා කර මෙම ක්‍රියාවලිය මහ පොළොවට ගැලපෙන ලෙස සකස් කරන තෙක් රජයේ මෙම අදූරදර්ශී වැඩපිළිවෙළට එරෙහිව හඬ නගන බවද පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි වැඩිදුරටත් අවධාරණය කළා.
2026 ජනවාරි 13, ප.ව. 2:51
2026 ජනවාරි 13, ප.ව. 2:06
2026 ජනවාරි 13, ප.ව. 12:36
2026 ජනවාරි 13, පෙ.ව. 11:53
2026 ජනවාරි 13, පෙ.ව. 11:28
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26