2026 ජනවාරි 25, පෙ.ව. 12:36
ඕනෑම රජයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන රුපියල් මෙන්ම විදේශීය ගනුදෙනු පියවීමට අවශ්‍ය කරන ඩොලර් ද දැනට රට සතුව නොමැති බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මෙරට ආර්ථිකය හා මූල්‍ය තත්ත්වය කෙතරම් දුර්වල ද යත්, රට තුළ සිදුවන නායයෑම්, ගංවතුර වැනි අභ්‍යන්තර කම්පනයකට හෝ විදේශීය යුද්ධ වැනි බාහිර කම්පනයකට මුහුණ දීමට තරම් ශක්තියක් ලංකාවට නොමැති බව ඒ මහතා අවධාරණය කරයි.
හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙන පරිදි, 2026 වර්ෂය සඳහා රජය බලාපොරොත්තු වන මුළු ආදායම රුපියල් ට්‍රිලියන 5.3කි. කෙසේ වුවද, රජයේ සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධිය හා අස්වැසුම වැනි සුබසාධන වියදම් සහ ලබාගත් ණය සඳහා පොලී ගෙවීම වැනි පුනරාවර්තන වියදම් සඳහාම පමණක් රුපියල් ට්‍රිලියන 5.6ක් වැය කිරීමට සිදුවනු ඇත.
ගණනය කිරීම් අනුව ආදායම ට්‍රිලියන 5.3ක් වන විට වියදම ට්‍රිලියන 5.6ක් දක්වා ඉහළ යාම හේතුවෙන්, රජය එදිනෙදා පවත්වාගෙන යාමට පවා රුපියල් බිලියන 300ත් 400ත් අතර හිඟයක් පවතින බව ඔහු සඳහන් කළේය.
ණය ලබාගැනීමේ සහ මුදල් අච්චු ගැසීමේ බාධා පවතින මූල්‍ය අර්බුදය හමුවේ මීට පෙර පැවති ක්‍රමවේද අනුගමනය කළ නොහැකි බව පවසන ගුණවර්ධන මහතා, නව ශ්‍රී ලංකා මහ බැංකු පනත අනුව රජයට අවශ්‍ය පරිදි මුදල් අච්චු ගැසීමට නොහැකි බවත් මහ බැංකුව රජයට ණය ලබා නොදෙන බවත් ප්‍රකාශ කළේය.
එමෙන්ම විදේශීය ණය ගෙවීම ආරම්භ කරන්නේ 2028 වසරේ සිට බැවින්, දැනට විදේශයන්ගෙන් ණය ලබාගැනීමට ඇති හැකියාව ද සීමිත වී ඇත.
2030 වසර දක්වා රජය ලබාගන්නා ණයවලින් 185%ත් 190%ත් අතර ප්‍රමාණයක් දේශීය වශයෙන් ලබාගැනීමට සිදුවන අතර, විදේශීයව ලබාගත හැක්කේ 110ක් වැනි සුළු ණය ප්‍රමාණයක් පමණක් බවද ඔහු අනාවරණය කළේය.
විපතට පත් ජනතාවට සහන සැලසීම ස්වාභාවික විපත් හේතුවෙන් විනාශ වූ මාර්ග, නිවාස සහ පාසල් ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් මුදලක් රජය සතුව නොමැති බව හිටපු අමාත්‍යවරයා පවසයි.
මේ හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ජාත්‍යන්තර ආයතනවල සහය මෙන්ම, ආගමික ස්ථාන හා දානපතියන්ගෙන් ලැබෙන ආධාර මත යැපීමට රජයට සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
2026 ජනවාරි 25, පෙ.ව. 12:36
2026 ජනවාරි 25, පෙ.ව. 12:25
2026 ජනවාරි 25, පෙ.ව. 12:17
2026 ජනවාරි 25, පෙ.ව. 12:14
2026 ජනවාරි 25, පෙ.ව. 12:11
21-01-26
21-01-26
14-01-26
14-01-26
12-01-26
12-01-26
04-01-26
04-01-26
30-12-25
30-12-25
14-12-25
14-12-25
15-11-25
15-11-25
12-11-25
12-11-25
03-11-25
03-11-25
01-10-25
01-10-25
24-09-25
24-09-25
18-09-25
18-09-25