2026 ජනවාරි 29, ප.ව. 4:35
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව සංවිධායකවරයා ලෙස ජනප්‍රිය රංගන ශිල්පියා රජිත හිරාන්, හෙවත් පිංපොං මහතාව, පත් කර ඇත.
ඔහු පිලියන්දල පිහිටි පක්ෂ කාර්යාලයේ සිට තම ආසනයේ දේශපාලන කටයුතු ආරම්භ කර ඇති අතර, මෙම අවස්ථාවට ගායන ශිල්පී නාමල් උඩුගමගේ බිරිඳ රුවන්ති මංගලා, සහ රංගන ශිල්පී අර්ජුන් කමලනාත් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඒ වගේම රජිත හිරාන් සහ අර්ජුන් කමලනාත් දෙදෙනාම පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වූ අතර, මහින්ද රාජපක්ෂ යුගයේදී ශ්‍රී ලංකා යුද හමුදාවෙන් අයථා ලෙස මාසික වැටුප් සහ දීමනා ලබාගත් බවට චෝදනා එල්ල විය.
ඔවුන් දෙදෙනා ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමටද කාලයක් පුරාවට කටයුතු කළේය. රුවන්ති මංගලා 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ කඩුවෙල මැතිවරණ කොට්ඨාසයෙන් තරඟ කළත් පරාජයට පත්වූ අතර, පසුව පසුගිය මහ මැතිවරණයේදීද කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ අතර ඇය අන්ත පරාජයට ලක් වූවා.
2026 ජනවාරි 29, ප.ව. 4:48
2026 ජනවාරි 29, ප.ව. 4:42
2026 ජනවාරි 29, ප.ව. 3:31
2026 ජනවාරි 29, පෙ.ව. 11:13
2026 ජනවාරි 29, පෙ.ව. 11:07
28-01-26
28-01-26
25-01-26
25-01-26
21-01-26
21-01-26
14-01-26
14-01-26
12-01-26
12-01-26
04-01-26
04-01-26
30-12-25
30-12-25
14-12-25
14-12-25
15-11-25
15-11-25
12-11-25
12-11-25
03-11-25
03-11-25
01-10-25
01-10-25