hit counter

2026 පෙබරවාරි මස 11 වන බදාදා

2026 පෙබරවාරි 12, පෙ.ව. 12:07



ආණ්ඩුව සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන සියලු බලවේග මේ වන විට අමනාප කරගෙන ඇතැයි සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

“යන යන හැමතැනම කරුණු දෙකක් ඉදිරිපත් වෙනවා. යම් හෝ ආධාරයක් දෙනවා නම් ඒක සම්පූර්ණ දේශපාලන පදනම මත දෙනවා කියන චෝදනාව. දරුණුම කාරණාව තමයි විරුද්ධ දේශපාලන මත දරන අයට දඬුවම් කිරීමේ ක්‍රමවේදයට තමයි දැන් යනවා පෙන්නේ.

ජනාධිපතිවරයා මිනිස්සුන්ට බලාපොරොත්තුවක් ලබාදුන්නා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ටකරමක් ගියත් අපි ලක්ෂ 10ක් දෙනවා කියලා. දැන් ජනාධිපතිවරයා මතක තියාගන්න ඕනේ එතුමා වේදිකාවල කතාකරන අනුර කුමාර නොවන බව.

ඇත්තම කිව්වොත් මේ වෙලාවේ රජය ආණ්ඩුව සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන සියලුම දෙනා අමනාප කරගෙන ඉන්නේ. විපක්ෂය මේ වෙලාවේ තමයි එකමුතුව එක්ව හඬක් නගන්නට ඕනේ. අඩුම තරමේ මේ මැයි දිනයේදීවත් මේ රජයට එක් හඬකින් කියන්න ඕනේ මේක ඉදිරියට කරගෙන යන්න බැහැ කියලා”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: