hit counter

2026 පෙබරවාරි මස 17 වන අඟහරුවාදා

2026 පෙබරවාරි 17, ප.ව. 1:59



පිළියන්දල ප්‍රදේශයේ බෝඩිම් කාමරයක තිබී කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් දහයක් ගන්ජා මිශ්‍ර චිප්ස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් දෙසිය පනස් පහක් සමඟ ජනප්‍රිය ටෙලි නාට්‍යය රංගන ශිල්පියකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය සඳහන් කළ බව වාර්තා වේ.

ඒ අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ සහ පිළියන්දල ප්‍රදේශවල පදිංචි (26 සහ 28 ) වයසේ පසුවන තිදෙනකු බව ද පොලීසිය වාර්තා කර ඇති බව සඳහන්.

කොළඹ සිට අනුරාධපුරයට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන පුද්ගලයෙකු සම්බන්ධයෙන් මත්තේගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතා වෙත ලද තොරතුරක් අනුව පිළියන්දල නගර මධ්‍යයේ බෝඩිං කාමරයක් පරීක්ෂා කර ඇත. අනතුරුව මෙම මත්ද්‍රව්‍ය සැකකරුවන්ට ලබා දෙන පුද්ගලයා පිළිබඳ ලද තොරතුරකට අනුව ඔහුගේ පිළියන්දල නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබියදී තවත් ගංජා මිශ්‍ර චිප්ස් ග්‍රෑම් 255 ක් හමු වූ බව වාර්තා වී ඇත.

ඉන්පසුව සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අඳාළ මත්ද්‍රව්‍ය අවසන් වරට අත්අඩංගුවට ගත් සැකකරු විසින් ලබා දෙන බවත් එසේ ලැබෙන මත්ද්‍රව්‍ය කොළඹ සිට අනුරාධපුරයට කූරියර් සේවාවක් ඔස්සේ ප්‍රවාහනය කරන බවටත් තොරතුරු හෙළි වූ බවත් වාර්තා වේ.

එබැවින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (17) දින කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමටට නියමිතව ඇත.