hit counter

2026 පෙබරවාරි මස 18 වන බදාදා

2026 පෙබරවාරි 18, ප.ව. 1:27



පාත්ෆයින්ඩර් පදනම සිය පෑලියගොඩ පිහිටි මූලස්ථානයේ දී ජපන් භාෂාව හදාරන විද්‍යාර්ථීන් අරමුණු කරගෙන එන්ට්සුජී ඒකකයක් ස්ථාපිත කරයි.

යෝහී සසකාවා මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මත නිපොන් පදනම මූල්‍ය ආධාර සපයන සහ තෝකියෝ පදනම විසින් කළමනාකරණය කරන එහි ” රීඩ් ටු ජපෑන් ” ව්‍යාපෘතිය යටතේ ඉහළ අධ්‍යයන අවශ්‍යතා සදහා උපයෝගී කරගත හැකි පොත් විශාල ප්‍රමාණයක් පිරිනමන ලද අතර ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා විසින් පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතාට අද පෙබරවාරි 18 පෙරවරුවේ භාරදෙන ලදී.

ශ්‍රී ලංකාව හා ජපානය අතර සංස්කෘතික හා අධ්‍යයන සහයෝගීතාව තවත් පුලල් කරන පියවරක් වශයෙන් මෙම එන්ට්සුජී ඒකකය පිහිටුවන ලද අතර ඉදිරියේ දී දෙරට අතර ආර්ථීක, සමාජ හා සංස්කෘතික අංශ සම්බන්ධයෙන් වෙන් කෙරෙන ජපන් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට නියමිතය. පාත්ෆයින්ඩර් පදනම දැනටමත් ඉන්දීය අධ්‍යයන, චීන හා ඉරාන මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබේ.

මෙම පොත් පරිහරණය කිරීමට අපේක්ෂා කරන උසස් ජපන් භාෂා අධ්‍ය්‍යනය සදහා ක්‍රියා කරන විද්‍යාර්ථීන්ට පාත්ෆයින්ඩර් පදනමෙන් වැඩිදුර විස්තර විමසිය හැකිය.