hit counter

2026 පෙබරවාරි මස 20 වන සිකුරාදා

2026 පෙබරවාරි 20, ප.ව. 5:44



කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක ප්‍රතිඵලයක් වශයෙන් විශේෂ තාක්ෂණික දූත පිරිසක් 2026 පෙබරවාරි 16 සිට 20 දක්වා මෙරට සංචාරයක් සඳහා එක්වුණා.

ඒ අනුව දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතටපත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ව්‍යාපාර වෙනුවෙන් තිරසාර සහ මූල්‍යමය වශයෙන් වගකිවයුතු මූල්‍ය යාන්ත්‍රණයක් සැලසුම් කිරීමට සහාය වීමට මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහ එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන සංවර්ධන අරමුදලේ (UNCDF) ධූත පිරිස ඊයේ (19) දින ඊට අදාළ රජයේ පාර්ශවකරුවන් හමුවුණා.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුව සඳහා ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය (NEDA), කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SEDD), කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) හා ජාතික ණය සුරැකුම් ආයතනය (NCGIL) නියෝජනය කරමින් නිලධාරීන් එක්ව සිටීම විශේෂත්වයක්.

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයින්ගේ තිරසාර ආර්ථික අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් අතවශ්‍ය, අවධානම අවම කරගැනීමේ හැකියාව, ප්‍රකෘතිමත්වීමට ඇති හැකියාව මෙන්ම මූල්‍යමය සාක්ෂරතාවය ලබාදීම වැනි වැදගත් කාරණා රැසක් දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා.

මෙම අවස්ථාව සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, ආසියා පැසිෆික් කලාපීය UNCDF කණ්ඩායම් නායිකා මාරියා පර්ඩෝමෝ මහත්මිය (Ms. Maria Perdomo), UNCDF ආයෝජන නිලධාරී අනිල් බිර්ලා මහතා (Mr. Anil Birla), UN PBSO සාම මූල්‍ය උපදේශක ඩොනාටා ගරාසි මහත්මිය (Ms. Donata Garrasi) ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියා.