hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු 05, ප.ව. 12:40



සෞදි අරාබියේ රියාද් සහ ඩුබායි දක්වා අද පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමන්වාර අවලංගු කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.

නමුත් සිවිල් ගුවන් සේවා අධිකාරිය ඊයේ දින නිවේදනය කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සිය ගුවන් කලාපය තාවකාලිකව විවෘත කිරීමත් සමග ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඇතුළු තවත් ගුවන් සමාගම් කිහිපයක් මඟින් විශේෂ ගුවන් ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට නියමිතව පවතින බවයි.

එමිරේට්ස්, ෆිට්ස් එයාර්, ෆලයි ඩුබායි, සලාම් එයාර් යන ගුවන් සමාගම්වලට අයත් ගුවන් යානා මෙලෙස විශේෂ ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට නියමිත වේ. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: