2026 මාර්තු 16, පෙ.ව. 10:14
මැදපෙරදිග යුදමය වාතාවරණය අවසන් වී තත්ත්වය යහපත් වන තුරු මෙරට ඉන්ධන බෙදා හැරීම QR කේත ක්‍රමයට අනුව සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ ඊයේ (15) පැවසුවේ මෙම ක්‍රමය දිගු කාලයක් යනතෙක් වෙනස් නොවුණ ද QR කේත ක්‍රමයට අනුව ලබාදෙන ඉන්ධන කෝටාව වෙනස් විය හැකිය බවය.
මෙම කෝටාවට අනුව ලබාදෙන ඉන්ධන ලීටර් ප්‍රමාණය ඉහළ යෑමට හැකි බවද ඔහු කියා සිටියේය.
ලබන අප්‍රේල් මාසයේ අග වන තුරු රටට අවශ්‍ය ඉන්ධන තොග ඇති නමුත් තෙල් හැංඟීම, අනවශ්‍ය ලෙස මිලදී ගැනීම, ජනතාව බිය වැද්දීම ආදිය නතර කිරීම සඳහා ඊයේ (15) සිට QR කේතය හඳුන්වා දුන් බව ඔහු පැවසුවේය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ QR කේත ක්‍රමයට අනුව ඉන්ධන ලබාදීම නිසා ඉන්ධන සුරක්ෂිතාවය ඇතිකරගත හැකි බවය.
2026 මාර්තු 16, ප.ව. 12:30
2026 මාර්තු 16, ප.ව. 12:08
2026 මාර්තු 16, පෙ.ව. 11:01
2026 මාර්තු 16, පෙ.ව. 10:24
2026 මාර්තු 16, පෙ.ව. 9:05