2026 මාර්තු 16, ප.ව. 12:30
ඒකාබද්ධ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත්කිරීමට දෙපාර්ශවයේම එකඟතාවය හිමි වූ බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි මහතා පවසයි.
අද (16) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ඈපා පංචාංග ලිත් කතෘ ඉන්දික ඈපා සෙනවිරත්න, තිරසර පංචාංග ලිත් කතෘ චමත් කොතලාවල සහ විකල්ප නැකත් කණ්ඩායමේ සාමාජිකයින් තමා සමඟ පැවති සාකච්ඡාවේ දී මෙම අවසන් එකඟතාවයට පැමිණි බවය.
ඒ අනුව හෙට (17) දිනයේ නැකැත් සීට්ටුව මුද්‍රණය කර, රාජ්‍ය නැකැත් සීට්ටුව ලෙස ජනතාවට එය ලබාදෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 2024 වසරේදී ‘රාජ්‍ය නැකැත් කමිටුව’ විසුරුවා හැරි අතර මේ දක්වා රජය නැවතත් නැකැත් කමිටුවක් පත්කර නැහැ.
මෙවර අවුරුදු නැකැත් ප්‍රකාශයට පත් කෙරුණේ පෝය කමිටුවේ සාමාජිකයන් විසින් බවත්, රාජ්‍ය නැකැත් කමිටුවක් පත්කිරීමට රජය වහා කටයුතු කළ යුතු බවත් පවසමින් ජ්‍යොතිර්වේදීන් පිරිසක් ඉකුත් අඟහරුවාදා රජයට සිය අප්‍රසාදය පළ කළේය.
එය ක්‍රියාත්මක නොවූ පසුබිමක සර්වජන බලය ඉකුත් සෙනසුරාදා පොරොන්දු වූ පරිදි සියලුදෙනාට එකඟවිය හැකි නැකත් සීට්ටුවක් සකස් කිරීමට මුල්පියවර තැබීය.
ඒ විද්වත් ජ්‍යොතිර්වේදීන් 17දෙනෙකු සම්බන්ධ කරගනිමිනි.
2026 මාර්තු 16, ප.ව. 7:15
2026 මාර්තු 16, ප.ව. 4:24
2026 මාර්තු 16, ප.ව. 4:22
2026 මාර්තු 16, ප.ව. 4:03
2026 මාර්තු 16, ප.ව. 2:36