hit counter

2026 මාර්තු මස 16 වන සඳුදා

2026 මාර්තු 16, ප.ව. 12:55



ඩීසල් මිල සංශෝධනය හේතුවෙන් විදුලි උත්පාදනයට බාධා එල්ල විය හැකි බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකිරීමේ කිසිදු සූදානමක් නොමැති බව අවධාරණය කරයි.

ඉන්ධන මිල ඉහළ යාම විදුලි සැපයුමට බලපානු ඇතැයි මහජනතාව තුළ පවතින සැකය දුරු කරමින් අමාත්‍යාංශ නිලධාරීන් ප්‍රකාශ කර සිටියේ, අඛණ්ඩව විදුලිය උත්පාදනය කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග මේ වන විට සතුව පවතින බවයි.

ඒ අනුව වත්මන් තත්ත්වය තුළ විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද ඔවුහු පවසති.

තාප විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල් තොග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් අඛණ්ඩව ලබාදෙන බවද බලධාරීහු සහතික වෙති.

මේ පිළිබඳව අදහස් දැක්වූ ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ විකල්ප බලශක්ති ප්‍රභවයන් හරහා ජාතික පද්ධතියට ලැබෙන දායකත්වය හේතුවෙන් විදුලි සැපයුම ස්ථාවර මට්ටමක පවතින බවයි.

කෙසේ වෙතත්, ඉදිරියේදී පවතින වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතුණහොත් සහ ජල පෝෂක ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය අඩුවුවහොත් ජල විදුලි උත්පාදනයට යම් බලපෑමක් එල්ල විය හැකි බවට ද එම නිලධාරියා අනතුරු ඇඟවීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: