hit counter

2026 මාර්තු මස 20 වන සිකුරාදා

2026 මාර්තු 18, ප.ව. 12:07



ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ඛේතය ලබාගැනීම සඳහා ලියාපදිංචි කිරීමට සහයක් ලෙස විශේෂ වට්ස්ඇප් අංකයක් හඳුන්වාදීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

ඒ අනුව, ලියාපදිංචි වීමේදී ගැටලු පවතින පුද්ගලයන්ට පහත සඳහන් ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් සිය සහාය ලබාගත හැක.

076 000 1919 යන WhatsApp අංකය වෙත ඔබගේ වාහන අංකය ටයිප් කර යොමුකරන්න. (වාහන අංකය ඡායාරූපයක් ලෙස නොඑවිය යුතු බව සලකන්න).  

ඒ සමඟ පහත සඳහන් ලේඛනවල පැහැදිලි ඡායාරූප එම අංකයටම යොමු කරන්න:

– ජාතික හැඳුනුම්පත (NIC) / රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය.

– වලංගු ආදායම් බලපත්‍රය (Vehicle License).

– වාහන ලියාපදිංචි සහතිකය (CR).





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: