2026 මාර්තු 23, ප.ව. 4:40
ගෝලීය භූ දේශපාලන අර්බුද හා බලශක්ති අංශයේ අභියෝගවලට මුහුණ දෙන සමයේ, ශ්‍රී ලංකාවට පැමිණෙන හා රට තුළ රැඳී සිටින සංචාරකයින් දිරිගැන්වීම අරමුණු කරගනිමින් ඉයුෆෝරියා සීලෝන් නම් නව සංචාරක වැඩසටහන පසුගියදා ආරම්භ කෙරිණි.
මෙම වැඩසටහන කොළඹ (07) හි පිහිටි මහවැලි කේන්ද්‍ර පරිශ්‍රයේදී ආරම්භ කර ඇති අතර, සංචාරකයින්ට විශේෂ සංස්කෘතික අත්දැකීමක් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
ඉයුෆෝරියා සීලෝන් හරහා මෙම පරිශ්‍රයට පැමිණෙන සංචාරකයින්ට හෙළ සංස්කෘතිය, සංගීතය සහ නර්තන අත්දැකීම් සමීපව අත්විඳීමට අවස්ථාව සලසා දී ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ පුරාණ කර්මාන්ත පිළිබඳව දැනුවත් වීමටත්, ඒවායේ නිෂ්පාදන ක‍්‍රියාවලිය සජීවීව නිරීක්ෂණය කිරීමටත්, තමා විසින්ම එම නිෂ්පාදන සකස් කර බැලීමටත් හැකි වන පරිදි වැඩසටහන සැලසුම් කර ඇත.
මෙම වැඩසටහන 2026 අප්‍රේල් මාසයේ සිට සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කිරීමට නියමිතඅතර, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, මහවැලි කේන්ද්‍රය, මහවැලි උපදේශක කාර්යාංශය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව මෙම වැඩසටහන සංවිධානය කරයි.
2026 මාර්තු 23, ප.ව. 6:51
2026 මාර්තු 23, ප.ව. 4:44
2026 මාර්තු 23, ප.ව. 3:50
2026 මාර්තු 23, ප.ව. 3:01
2026 මාර්තු 23, ප.ව. 2:39