hit counter

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2026 මාර්තු 25, ප.ව. 2:54



රටේ පවතින ඉන්ධන අර්බුදය සහ ඉන්ධන නැව් පැමිණීම සම්බන්ධයෙන් දෙරණ නාලිකාවේ ‘වාදපිටිය’ වැඩසටහනේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය අතර දැඩි වචන හුවමාරුවක් සහ උණුසුම් තත්ත්වයක් ඇති විය.

මෙහිදී අජිත් මාන්නප්පෙරුම මහතා චෝදනා කළේ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය විසින් ඉන්ධන නැව් පැමිණීම පිළිබඳව අවිශ්වාසයක් පළ කරමින් ජනතාව අනියත බියකට පත් කරන බවයි. 

මීළඟ මාසයේ නැව් පැමිණීම පිළිබඳව “ෂුවර් නැහැ” යැයි ඇය පැවසූ බවත්, එවැනි ප්‍රකාශ නිසා මිනිසුන් බිය වී පෝලිම් නිර්මාණය වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම චෝදනාවලට දැඩි ලෙස ප්‍රතිචාර දක්වමින් ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය සඳහන් කළේ තමන් කිසිවිටෙකත් “ෂුවර් නැහැ” යන වචනය භාවිතා නොකළ බවයි. 

එහිදී අජිත් මාන්නප්පෙරුම මහතා මන්ත‍්‍රීවරිය තමනට ඉංග‍්‍රිසි පුළුවන් බව පෙන්වීමට ඉංග‍්‍රිසි වචන කතා කරමින් පෙන්වන බවත් එවන් අය ජාත්‍යන්තරය හමුවේ ඉංග‍්‍රියෙන් අනාගෙන රට අපකීර්තියට පත් කර ඇති බවත්  පැවසිමෙන් පසු ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ ඇය ප්‍රකාශ කළේ, “වැඩිය කෑගැහුවොත් ඉංග්‍රීසියෙන් Debate කරනව” යනුවෙනි..

තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීතුමිය, ඇතැම් ඉන්ධන නැව් අවලංගු වීම සිදුවන බව සත්‍යයක් වුවද, සැපයුමේ අඛණ්ඩතාවය ආරක්ෂා කර ගැනීම සඳහා රජය විකල්ප ක්‍රියාමාර්ග ගන්නා බවත් හදිසි මිලදී ගැනීම් සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බවත් පැවසුවාය. විපක්ෂය සැමවිටම උත්සාහ කරන්නේ ජනතාව අතර සැකයක් සහ පෝලිම් නිර්මාණය කිරීමට බවත්, පෝලිම්වල සිටින ජනතාවගේ පීඩාව පිළිබඳව තමන්ට වේදනාවක් ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: