hit counter

2026 ජූනි මස 13 වන සෙනසුරාදා

2026 මාර්තු 26, ප.ව. 6:30



ඇතැම් අවස්ථාවල සම්බා සහ කීරි සම්බා සහල් කළුකඩ මිලට පවා වෙළඳපොළෙන් සොයාගත නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසයි.

මේ අස්වනු නෙළන කාලය බවත් ආහාර සුරක්ෂිතතා කමිටුවේද මේ ගැන තදබල ලෙස සාකච්ඡා කළ බවවත් ඔහු පෙන්වා දෙයි.

මෙම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ඉදිරියේදී සහල් ආනයනය කිරීමට සිදුවන බවද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව පැවසුවේ රාජ්‍ය මාධ්‍ය සාකච්ඡාවට එකතු වෙමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: