2026 මාර්තු 30, පෙ.ව. 9:08
පුත්තලම දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් ෆයිසාල් මහතා ගමන් ගත් මෝටර් රථය හලාවත, බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී අනතුරකට ලක්ව ඇත.
බණ්ඩාරවත්ත වංගුව ආසන්නයේදී පාලනය කරගත නොහැකි වූ රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී ඇත.
මෙම ගැටීම හේතුවෙන් මෝටර් රථයට මෙන්ම අදාළ තාප්පයට ද දැඩි අලාභහානි සිදුව තිබේ.
රාත්‍රී 11.45 ට පමණ සිදුවූ මෙම සිදුවීම වන අවස්ථාවේ රථය තුළ සිට ඇත්තේ මන්ත්‍රීවරයා පමණක් බව තහවුරු වී ඇත.
හලාවත පොලිස් නිලධාරීන් විසින් මේ වන විට සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.
2026 අප්‍රේල් 05, පෙ.ව. 12:29
2026 අප්‍රේල් 05, පෙ.ව. 12:25
2026 අප්‍රේල් 05, පෙ.ව. 12:16
2026 අප්‍රේල් 05, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 05, පෙ.ව. 12:14