2026 අප්‍රේල් 03, පෙ.ව. 12:30
උදය ගම්මන්පිල මහතා විසින් රචිත ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හොයා යාම’ නම් ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට තලතා අතුකෝරළ, සාගල රත්නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගි වීම ගැන කනගාටු වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නවීන් දිසානායක මහතා x පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
මෙම පොත රාජපක්ෂලාට සුදුහුනු ගෑමේ උත්සාහයක් හෙයින් ඊට තමන් නොයෑම ගැන සතුටු වන බවද ඒ මහතා සඳහන් කර ඇත.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙළි කරන බව කියමින් පැවැති එම පොත දොරට වැඩීමේදී ඒ පිළිබඳ සොයාබැලීමට ස්ථාපනය කරන ලද විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ තිබූ සහරාන්ගේ නම පමණක් බවද පෙන්වාදෙන ඒ මහතා පොත එළිදැක්වීම කළ යුතුව තිබුණේ අප්‍රේල් 01 වැනිදා බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.
“පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු අනාවරණය කිරීම සඳහා උත්සවයක් පැවැත්වුණා.
පුදුමයකට වගේ, එහිදී මහා මොළකරු ලෙස නම් කර තිබුණේ සහරාන් හෂීම්වයි.
ඔහු ගැන කොහොමත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙලා තිබුණා.
ඇත්තටම මෙය පවත්වන්න තිබුණේ මෝඩයන්ගේ දිනය වන අද (අප්‍රේල් 01) වැනි දිනයකයි.
මෙය මූලික වශයෙන් රාජපක්ෂවරුන්ට සුදු හුණු ගෑමේ උත්සාහයක්.
මම එහි නොගිය එක ගැන සතුටු වෙනවා.
නමුත් සජිත් ප්‍රේමදාස, සාගල රත්නායක, වජිර අබේවර්ධන සහ තලතා අතුකෝරල යන අය ඒ සඳහා සහභාගී වීම ගැන මම කනගාටු වෙනවා.”
– නවීන් දිසානායක –
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:29
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:13