hit counter

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2026 අප්‍රේල් 09, පෙ.ව. 12:29



ලෝක වෙළෙඳපොළේ පවතින ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව මෙරට ඉන්ධන සහ විදුලි බිල ගැලපීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.

වර්තමානයේ පවතින ගෝලීය තත්ත්වයන් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල 20-35%ත් අතර ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ.

මෙවැනි අසීමිත මිල ඉහළ යාමක් හමුවේ පැවති පැරණි ක්‍රමවේදය අනුව තවදුරටත් මිල ගැලපීම් සිදු කිරීම අපහසු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ය අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේ නව මිල සූත්‍රය හෝ ක්‍රමවේදය සකස් කෙරෙන්නේ අඩු ආදායම් ලබන පුද්ගලයින්ට අවම බලපෑමක් වන අයුරිනි.

මෙම නව ක්‍රමවේදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් ද දැනුවත් කිරීමට නියමිතව ඇත.